ජීවිතය අර්ථවත් රස්තියාදුවක් විය.

තවත් රස්තියාදුවක ඇරඹුමකි

ගොඩක් කාලෙක ඉදන් හිතේ තිබුන අදහසකට ඔන්න අද පණ දෙනවා. මගේ ජීවිතේ ගොඩක් දේවල් ගොඩක් වෙලාවට අනිත් අයගේ ජීවිතත් එක්ක ගත්තම ගොඩක් වෙනස් කියල මට නිතරම වගේ හිත‍ෙනවා. ඉතින් මට හිතුන ඒ වෙනස් ජීවිතේට මෙහෙම ඉඩක් මේ අවකාශයේ තිබුනොත් හොදයි කියල. 
මගේ ජීවිතේ හරි සරලයි, සුගමයි, සෞන්දර්යාත්මකයි. සරලව කිව්වොත් මගේ ජීවිතේ හරි ජොලි. අතදරුව කාලේ ඉඳල අද මේ ඉන්න කැම්පස් ජීවිතේට එනකල් මගේ ජීවිතේ හරි රසයි. ඒ ජීවිතේ අද ඉඳල මේ අවකාශයේ මේ විදිහට ලියන්න මම හිතුව.
අපේ අම්ම කියන විදිහට මම එයාගේ 'රස්තියාදුකාර පුතා'. අපේ අම්මට මම  වගේ තව එක පුතෙකුයි එයා වගේ දුවෙකුයි ඉන්නවා. ඒ වගේ මට මගේ ජීවිතේ වගේම ජොලි අප්පච්චියෙකුත් ඉන්නවා. 
ඉතිං අද ඉඳල මම මගේ ජීවිතේ ගොඩක් දේවල් වගේම තව ගොඩක් දේවල් මේ විදිහට අන්තර් ජංජාලේ කොටසක් කරනවා.
මම රස්තියාදුකාරයා.
Share:

2 comments:

  1. එක කුස උපන් නිවුන් සහෝදරය මට වඩා අවුරුදු ගානකට බාල උනාට මොකෝ හැමදාම අම්මලා කිව්වෙ වසවර්තියා උනාට පොඩි එකාට ලොකු එකාට වඩා සමාජෙට ගිහින් වැඩක් කරගන්ඩ පුළුවන් කියලන.මොක උනත් කමක් නෑ කාට කාටත් හරියනවනම් කියලා ඒකාලේ හිත හදාගන්ඩ උන එකෙක් වෙච්චි මෙහෙම එකක් දැක්කම් මුනා හරි ලියන්ඩ එපැයි.අපේ ‍රැහෙ කැකුලෙක්නෙ.

    පොඩිම කාලේ මාමයිට් බෝතලෙකින් ගහල මගෙ ඔලු ගෙඩිය පැලුව දවසෙ ඉඳන් පටන්ගත්තු රස්තියාදු වැඩ වලින් බාගෙකට වඩා ටිකාක් විතර මටත් කියාදෙතෑකි,ඒත් මන් මොකද,,සුද්ද සිංහලෙන්ම මේ ලිඅයගෙන යන්නෙ.
    උඹ නම් මලේ රස්තියාදුකාරයෙක්ම තමයි.සිදුහත් කුමාරයාගෙ උප්පැන්න සහතිකෙත් වෙනස් කරපු,,රතිඣ්ඣා වලින් එහෙම හොඳ හොඳ සෙල්ලම් දාපු,,තව කතා ඕන නෑ..උඹලැයි බාසාවෙන්ම ලියවෙයිනෙ..ආතක් පාතක් නැතුව යයි කියල හිතන් ඉන්නකොට දිස්තිරික්කෙන්ම විසි ගානක් වෙලා කැම්පස් යයි කියල මොන දෙයියද හිතුවෙ.
    ඒත් ඉය්හින් රස්තියාදුව මෙතනින් ඉවර නෑ.ජීවිතේ ක්වාටර් ෆයිනල් විතරයි ගැහුවෙ.සෙමියත් තව ඉස්සරහට.ඒ නිසා ඔය ආපූ විදියටම ගියොත් නම් ඒක අර්ථවත් රස්තියාදුවක් වෙයි.
    .කොහොම හරි කමක් නෑ"රස්තියාදු ගහපල්ලා,,බයිලා ගහපල්ලා,,ඒත් වැඩේ හරියට ගොඩ දාපල්ලා"කියන පණිවිඩේ අනිත් උන්ට දෙන්ඩ උඹට පුළුවන් උනා මහිතේ.එහෙනම් ඉතින් වැඩි කතා ඕන නෑ.ජයවේවා කියල විතරක් කියන්නම්.ජීවිතේ අර්ථවත් රස්තියාදුවක්ම් වේවා..!!

    ReplyDelete
  2. පොඩි කාලේ මගේ රස්තියාදු වැඩ මටත් වඩා හොඳට දන්නේ ඔයානෙ සහෝ. අනික අප්පා මේ වසවර්තියා වගේ නම් එලිපිට කියනවද හලෝ. මම ඉතිං කොහොමත් අවේ පරමාදර්ශී හූරෙක්ගෙ අඩිපාරෙනෙ. මාත් ඉතිං එසේම වේවා කියන්නම්.

    ReplyDelete

ජීවිතය විදින්න එන්න

ජීවිතය විදින්න එන්න

රස්තියාදුකාරයා

රස්තියාදුකරයො

Powered by Blogger.